Written by 11:48 pm Tech Innovation Views: 367

ඩිජිටල් ඇබ්බැහිය :ඔබ තාක්ෂණය හිමිකරුවෙක්ද? නැතිනම් වහලෙක්ද?

තාක්ෂණික දියුණුවත් සමග අපේ ජීවිත බෙහෙවින් පහසු වී ඇත. නමුත් මේ පහසුව ඇතුලේ අප නොදැනුවත්ම තාක්ෂණයට සිරවී සිටින බව බොහෝ දෙනෙකුට අමතක වී ගොස් තිබේ.

❇️සමාජ මාධ්‍ය උගුලකට ඔබ හසු වී සිටිනවාද?

✳️අප සමාජමාධ්‍ය තුළ පින්තූරයක් පළ කළ පසු නැවත නැවතත් එහි ප්‍රතිචාර පරීක්ෂා කරන්නේ අපේ මොළය තුළ නිපදවෙන Dopamine නැමැති රසායනය හරහා ලැබෙන ක්ෂණික තෘප්තියට අප ඇබ්බැහි වී ඇති බැවිනි. හුදෙක් පුරුද්දක් නොව තාක්ෂණික සමාගම් විසින් අපව ඔවුන්ගේ ජාලය තුළ රඳවා තබා ගැනීමට භාවිතා කරන මානසික උපක්‍රමයකි.

❇️ඩිජිටල් තිරය ඔබේ සුව නින්ද කොල්ලකා තිබේද?
රාත්‍රී කාලයේදී ජංගම දුරකථන තිරයෙන් නිකුත්වන Blue lightහෙවත් නිල් ආලෝකය අපේ මොළයට වැරදි සංඥා ලබාදෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ස්වභාවික නින්දේ රිද්මය (Circadian Rhythm) අවුල් වන අතර උදෑසන අවධි වන විට අධික පීඩාවක් සහ Digital Fatigue හෙවත් ඩිජිටල් තෙහෙට්ටුවක් ඇතිවීමට මෙය ප්‍රධාන හේතුවක් වී තිබේ.

❇️අන් අයගේ ජීවිත සමග සැසදීම ඔබේ සතුට උදුරා ගන්නවාද?

බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ ජීවිතය වඩාත්ම සාර්ථක සහ අලංකාර අවස්ථාවන් පමණි. මෙම කෘතිමව ඔප දැමූ ජීවිතය( Filtered life)සමඟ අපේ සැබෑ ජීවිතය සංසන්දනය කිරීමට යාමෙන් අනවශ්‍ය මානසික ආතතියක් සහ හීනමානයක් ඇති විය හැකිය.

❇️ඩ්ජිටල් මිරිගුවෙන් මිදීමට මගක් තිබේද?
.ඩිජිටල් විවේකය දවසේ කිසියම් නිශ්චිත කාලයක් (උදාහරණයක් ලෙස කෑම ගන්නා විට හෝ නින්දට පෙර) ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්න.
.දැනුම් දීම පාලනය (Nortification management)
අනවශ්‍ය ඇප් වල nortifications අක්‍රිය කර තැබීමෙන් නිතර නිතර දුරකථනය දෙස බැලීමේ පුරුද්ද අවම කර ගතහැක.
සැබෑ සබඳතා අලුත් කිරීම:
සමාජ මාධ්‍ය හරහා පණිවිඩ යැවීම වෙනුවට සැබෑ ලෝකයේ මිනිසුන් හමුවී කාලය ගත කිරීමට උත්සාහ කරන්න.
ඩිජිටල් නොවන විනෝදාංශ:
පොතක් කියවීම ව්‍යායාම කිරීම හෝ ස්වභාවධර්මය සමඟ කාලය ගත කිරීම වැනි විනෝදාංශවල නිරත වන්න.
එසේ නම්
තාක්ෂණය අපගේ ජීවිතයේ ස්වාමියා නොව මෙවලමක් ලෙස පමණක් තබා ගැනීමට අපට හැකිද ? ඔබ මොකද හිතන්නේ ඔබේ අදහස පහතින් comment කරන්න .

Visited 367 times, 1 visit(s) today
Close