කොළඹ: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමීමට රජය තීරණය කළ ද, සාමාන්‍ය ජනතාවට සහනයක් වෙමින් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිල වශයෙන් නිවේදනය කරයි.
මිල ඉහළ යාම මෙසේය:
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට මිල ගණන් සංශෝධනය කළේය:
- ඔටෝ ඩීසල්: රුපියල් 22කින් ඉහළට.
- ලංකා සුපර් ඩීසල්: රුපියල් 24කින් ඉහළට.
“ගාස්තු වැඩි කරන්නේ නෑ” – අධ්‍යක්ෂ ජනරාල් කියයි
මෙම මිල ඉහළ යාම බස් ගාස්තු කෙරෙහි බලපාන්නේ දැයි ජනතාව තුළ තිබූ කුතුහලයට පිළිතුරු දෙමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, පවතින ගාස්තු ව්‍යුහය වෙනස් කිරීමට මෙම මිල වැඩිවීම ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව පවතින බස් ගාස්තු ඒ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.
“ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා සෘජු බලපෑමක් සිදුනොවන නිසා, පවතින ගාස්තු ඒ අයුරින්ම පවත්වාගෙන යනවා.” – ආචාර්ය නිලාන් මිරැන්ඩා.
මගීන්ට දැනුම්දීමක්!
යම් හෙයකින් කිසියම් බස් රථයක සේවකයින් මෙම මිල ඉහළ යාම පදනම් කරගෙන වැඩිපුර මුදල් අය කරන්නේ නම්, වහාම ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැක.










