කලාපීය වශයෙන් විවිධ දේශපාලනික නොසන්සුන්තාවන් සහ ආතතීන් පවතින පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) නායකයින් පසුගියදා ලෝකයටම අපූරු ආදර්ශයක් සැපයීය. ඒ, කිසිදු විශේෂ ආරක්ෂක වැටවල් හෝ දැඩි නීති රීතිවලින් තොරව සාමාන්‍ය වැසියන් අතරට පැමිණ ඩුබායි මෝල් (Dubai Mall) පරිශ්‍රයේදී කෝපි කෝප්පයක රස බැලීමයි.
මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සභාපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (MBZ) සහ ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් (Fazza) සහභාගී වී සිටියහ.
“වචන නැති පණිවිඩය”
බොහෝ විට නායකයින් රූපවාහිනී දේශන පවත්වමින් රට වැසියන් අස්වසන නමුත්, මෙම නායකයින් දෙපළ තෝරාගත්තේ වෙනස් ම මාවතකි. තම ජනතාව සිටින තැනටම ගොස් ඔවුන් හා සමානව කෝපි කෝප්පයක් රස බැලීම හරහා ඔවුන් ලබාදුන් පණිවිඩය පැහැදිලිය: “බිය වීමට කිසිවක් නැත, අපි ඔබ සමඟ සිටිමු.”
මෙම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි අවධානයට ලක්ව ඇති අතර, බොහෝ දෙනා පවසන්නේ මෙය සැබෑ නායකත්වයේ ලක්ෂණයක් බවයි.










