ඊයේ රාත්‍රියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියේ දහස් ගණන් ලාංකිකයන්ගේ ජයගෝෂා මධ්‍යයේය. නමුත් මැදියම් රැය එළඹෙන විට ඉතිරි වූයේ දැවෙන හදවත් සහ කඳුළු පිරුණු දෑස් පමණි.
නවසීලන්තය හමුවේ ලැබූ ලකුණු 61ක ඒ දරුණු පරාජය හුදු ක්‍රීඩා පරාජයක්ම පමණක් නොවේ; එය කෝටි දෙකක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ ලෝක කුසලාන හීනය කුඩුපට්ටම් කර දැමීමකි.
🛑 84/6 සිට 168/7 දක්වා – වගකීම කාගෙද?
එක අවස්ථාවක නවසීලන්තය ලකුණු 84කට කඩුලු 6ක් දැවී අසරණව සිටියදී, මැච් එක අපේ අතේ තිබුණි. නමුත් අවසන් පන්දුවාර කිහිපය තුළ අපේ පන්දු යවන්නන් ‘තෑගි’ දුන් ලකුණු ප්‍රමාණය තරගය අපෙන් උදුරා ගත්තේය. මිචෙල් සැන්ට්නර් ලකුණු 47ක් ගසන තෙක් අපේ සැලසුම් කොහේද තිබුණේ?
🏏 පිතිකරණය?
ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑම ප්‍රේමදාස තණතිල්ලේ අපහසු දෙයක් නොවේ. නමුත් ලෝක කුසලානයක පීඩනය දරාගන්නට අපේ පිතිකරුවන්ට නොහැකි විය. පැතුම් නිස්සංකගේ සිට නායකයා දක්වා සියල්ලන්ම එක පෙළට ‘පැවිලියන්’ එකට පෙළපාලි යන විට, ප්‍රේක්ෂකාගාරයේ සිටි කුඩා දරුවන්ගේ පවා දෑස් කඳුළින් පිරී තිබුණි.
පරාජයට හේතු සහ නායකයාගේ අදහස
තරගයෙන් පසු අදහස් දැක්වූ නායක දසුන් ශානක ප්‍රකාශ කළේ, තණතිල්ලේ ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වීම සහ ක්‍රීඩකයන්ට එල්ල වන දැඩි මානසික පීඩනය මෙම අසාර්ථකත්වයට බලපෑ බවයි. වනිඳු හසරංග වැනි ප්‍රබල ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමද කණ්ඩායමේ තුලිතභාවයට බලපෑම් කළ බව ඔහු සඳහන් කළේය.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර ගත් පළමු කණ්ඩායම බවට පත් විය. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මැද තමන්ගේම රටේදී මෙවැනි පරාජයක් ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දරාගත නොහැකි දුකක් ඉතිරි කර තිබේ.
🔥 රසිකයන්ගෙන් ප්‍රශ්නයක්…
“අපි ආවේ දිනනවා බලන්න, ඔයාලා වෙනුවෙන් උගුර බැරෑන්ඩි වෙනකම් කෑගහන්න. ඒත් අන්තිමට ඉතිරි වුණේ බලාපොරොත්තු කඩවීම විතරයි.”
වැරැද්ද කොතනද? ඔබේ අදහස පහළින් Comment කරන්න. 👇”










