සජීවි සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරිමේදි ජාත්‍යාන්තර පිලිගත් ඉහළම ප්‍රමිතිය වන CEIV animals සහතිකය හිමි කර ගැනිමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (පෙබරවාරි 18) සමත් වී තිබේ.
සජිවී සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරිමේදි ඔවුන්ගේ සුබසාධනය,ආරක්ශාව හා සෞඛ්‍ය සම්බන්දයෙන් ලෝකයේ පවතින ඉහළම ප්රමිතීන් අනුගමනය කරන ආයතන වෙත පමණක් පිරිනමනු ලැබේ.එහිදි මෙම සහතිකය හිමිකර ගත් ලොව 12 වන ගුවන් සමාගම සහ ආසියා පැසිෆික් කලාපයේ 8 වන ගුවන් සමාගම වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි.
මෙම ප්‍රමිතිය සපුරා ගැනිම සදහා පශු සම්පත් සංවර්ධනය සදහා පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කොළඹ දක්වා ගවයින් 7 දෙනෙකු ඉතා සාර්ථකව සහ ආරක්ශිතව ප්‍රවාහනය කිරිමට ශ්‍රී ලංකන් කාගෝ අංශය කටයුතු කර තිබේ.
මෙම සහතිකය ලබා ගැනිම සදහා ගුවන් යානා තුළ ඇති පහසුකම් (සතුන් ප්‍රවාහනය සදහාම වෙන්වු උෂ්ණත්වය පාලනය කළ හැකි “Guardian Class” නම් විශේශිත විවේකාගාරයක් කටුණායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති),සතුන් හැසිර වීමෙදි අනුගමනය කරන තාක්ෂණ ක්‍රමවේද,කාර්යය මණ්ඩලයේ පුහුණුව පරික්ෂාවට ලක් කෙරේ.මෙම ජයග්‍රහණය හේතුවෙන් සුරතල් සතුන්,වන සතුන් මෙන්ම පරික්ෂණ සහ පශු සම්පත් සදහා අවශ්‍ය සතුන් ප්රවාහණය කිරිමෙදි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෝලිය වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගැනිමට හැකි වනු ඇත.
මෙමගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ජාලය තුළ ප්‍රමුඛතම ස්ථානයකට පත්වන අතර,ආර්ථික වශයෙන් සාමන්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වඩා සතුන් ප්‍රවාහනයෙන් 200% පමණ වැඩි ආදායමක් උපයා ගත හැකි අතර,දැනටමත් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන ආදයමෙන් 11% ලැබෙන්නේ සතුන් ප්‍රවාහනයෙනි.
මෙමගින් මෙරට ගුවන් සේවා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ.










