තෙහෙරානයට ප්රහාර මාලාවක්?
මැදපෙරදිග කලාපය දැඩි උණුසුම් තත්වයකට පත් කරමින්, ඉරානයට එරෙහිව යුද ක්රියාමාර්ග ගැනීමේදී ඇමෙරිකානු ජනපතිවරයා සතු බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ විශේෂ යෝජනාව ඇමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්ව තිබේ.
මෙම තීරණාත්මක පියවරත් සමඟ ලෝක දේශපාලනය උඩුයටිකුරු වන ලකුණු පහළ වී ඇත.
සිදුවූයේ කුමක්ද?
කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව හමුදා ක්රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. එනම්, ජනපතිවරයාට හිතුමතේ යුද්ධ ප්රකාශ කිරීමට තිබූ ඉඩකඩ අහුරා දැමීම මෙහි අරමුණ විය.
ඡන්ද ප්රතිඵලය
සෙනෙට් සභාවේදී පැවැති ඡන්ද විමසීමේදී:
- යෝජනාවට පක්ෂව ඡන්ද: 47
- යෝජනාවට විපක්ෂව ඡන්ද: 53
ඒ අනුව වැඩි ඡන්ද 6කින් යෝජනාව පරාජයට පත් වූ අතර, ජනපතිවරයාට සිය යුද බලතල පෙර පරිදිම භාවිතා කිරීමට අවස්ථාව හිමි විය.
ඊශ්රායලයෙන් දැවැන්ත ප්රහාරයක්?
මෙම දේශපාලනික තීරණයත් සමඟම වාර්තා වන වඩාත් භයානක පුවත වන්නේ, ඊශ්රායලය විසින් ඉරානයේ තෙහෙරාන් අගනුවර වෙත නව ප්රහාර මාලාවක් දියත් කර ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය මහා පරිමාණ යුද්ධයක අද්දරටම පැමිණ ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
ඔබේ අදහස කුමක්ද? මෙම තීරණය ලෝක සාමයට බලපාන්නේ කෙසේද? පහළින් Comment කරන්න.










