ඉදිරි පැය 24 ක කාලය තුළ කැළණි ගඟ ද්‍රෝණියට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතුය:
- රුවන්වැල්ල
- සීතාවක
- දොම්පේ
- දෙහිඕවිට
- ඇහැළියගොඩ
- යටියන්තොට
- බුලත්කොහුපිටිය
පවතින වර්ෂාපතන තත්ත්වයත් සමඟ මෙම ප්‍රදේශවල ගංගා ආශ්රිත පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බැවින්, එම කලාපවල පදිංචිකරුවන් සහ ගමනාගමනයේ යෙදෙන පිරිස් අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.










