Written by 2:36 pm News, Local News Views: 502

ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතයෙන් ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය!

මෙරට රාජ්‍ය සේවය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා පත්කරන ලද විශේෂ කමිටුවේදී ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා කිහිපයක් කෙරෙහි අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රධාන පියවර මෙසේය:

  • ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය ඉවත් කිරීම: දැනට ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත වන ඔත්තේ සහ ඉරට්ටේ දින ක්‍රමය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතය.
  • QR කේතය සහ කෝටාව ඉහළ දැමීම: ඒ වෙනුවට QR කේත ක්‍රමය වඩාත් විධිමත් කරමින්, දැනට පාරිභෝගිකයන්ට ලබාදෙන ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නැංවීමට කමිටුවේ අවධානය යොමුව ඇත.
  • ඉන්ධන සංචිත සුරක්ෂිතයි: එළඹෙන අගෝස්තු මාසය දක්වා රටට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත්ව පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඇණවුම් ද දැනටමත් සිදුකර ඇති බවත් නිලධාරීහු මෙහිදී තහවුරු කළහ.

වෙසක් සතියට අඛණ්ඩ විදුලිය

මේ අතර, එළඹෙන වෙසක් සතිය තුළ මහජනතාවට කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව විදුලි බලය සැපයීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

Visited 502 times, 1 visit(s) today
Close