Written by 2:52 pm Weather News, Local News Views: 250

ප්‍රධාන ගංගා සහ ඔයවල් කිහිපයක ජල මට්ටම ඉහළට: සුළු ගංවතුර අවදානමක්!

​දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මෙරට ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ අංශ නිවේදනය කර තිබේ.

​ඒ අනුව, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන්ද සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.
​පවතින වර්ෂාව තවදුරටත් පැවතුනහොත් මෙම ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට සහ මාර්ග භාවිත කරන්නන්ට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි. විශේෂයෙන්ම ගංගා දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව ජල මට්ටම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය.

Visited 250 times, 1 visit(s) today
Close