Written by 2:35 am News, Local News Views: 124,716

අද (15) දින සිට දිවයින පුරා පවතින සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය අවශ්‍ය බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, අද උදෑසන 06.00 සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.

මෙම නව ක්‍රමවේදය යටතේ QR කේතය ලබාගත හැකි ආකාරය පහත පරිදි වේ:

පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයින්: 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකිය.

විස්තර වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි විය යුතු පාරිභෝගිකයින්: වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති පාරිභෝගිකයින් සහ මින් පෙර ලියාපදිංචි නොවූ පාරිභෝගිකයින් 2026 මාර්තු 15 උදෑසන 6.00 සිට එම වෙබ් අඩවියේ නැවත ලියාපදිංචි විය යුතුය.

අමාත්‍යාංශය විසින් එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට හිමිවන ඉන්ධන ලීටර ප්‍රමාණයන් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෝටර් සයිකල් සඳහා ලීටර් 5ක්, මෝටර් රථ සඳහා ලීටර් 15ක් සහ ත්‍රිරෝද රථ සඳහා ලීටර් 15ක් ලෙස සීමා පනවා තිබෙනවා.

එසේම, රටේ අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන කාර්යයන් සඳහා වෙනම විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව, පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

එම සවිස්තරාත්මක නිවේදනය පහතින්,

Visited 124,716 times, 1 visit(s) today
Close