Written by 10:36 pm News, World News Views: 59

විජේගේ මහ ඇමති සිහිනය කල් යයි

ඉන්දීය දේශපාලනය මෙන්ම සිනමා ලෝකය ද උඩුයටිකුරු කරමින්, තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටි සුපිරි නළු තලපති විජේගේ එම බලාපොරොත්තුව තාවකාලිකව කල් ගොස් තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂයේ නායක විජේ අද (මැයි 07) සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබුණ ද, ඒ සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තවමත් තහවුරු කිරීමට නොහැකි වීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

ආණ්ඩුකාරවරයාගේ තීරණය ඊයේ දිනයේදී තලපති විජේ ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ රජයක් පිහිටුවීමට නම් තමන් සතු බහුතර බලය නිසි පරිදි ඔප්පු කළ යුතු බවයි. ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොමැතිව දිවුරුම් දීම සිදු කළ නොහැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.

කොංග්‍රස් පක්ෂයේ සහය මේ අතර, තලපති විජේ වෙත තමිල්නාඩුවේ පාලන බලය ලබා ගැනීම සඳහා ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ. මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය ආසන 5ක් ජයග්‍රහණය කර ඇති අතර, එම සහයෝගයද සමගින් ඉදිරි දින කිහිපය තුළ බහුතරය පෙන්වීමට විජේ උත්සාහ කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

විජේගේ මෙම දේශපාලන ගමන පිළිබඳව ඉන්දියාවේ මෙන්ම ලොව පුරා සිටින ඔහුගේ රසිකයින් දැඩි උනන්දුවකින් පසුවන අතර, මහ ඇමති ධුරය ලබා ගැනීම සඳහා ඔහු සිදුකරන මීළඟ තීරණාත්මක පියවර කුමක්ද යන්න පිළිබඳව මුළු දකුණු ඉන්දියාවම බලාපොරොත්තු සහගතව සිටියි.

Visited 59 times, 1 visit(s) today
Close