ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශවයන් විසින් වාහන ආනයනය නැවතත් සීමා කිරීමට හෝ අත්හිටුවීමට රජය සූදානම් වන බවට පැතිර ගිය ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙහිදී තහවුරු කර ඇත.
රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දැනට සැලසුම් කර ඇති පරිදි වාහන ආනයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ වෙළඳපොළ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ගනු ලැබූ තීරණ වෙනස් කිරීමට මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවද රජය අවධාරණය කරයි.
මේ හේතුවෙන් පාරිභෝගිකයින් සහ වාහන මෙරටට ගෙන්වනු ලබන ව්‍යාපාරිකයින් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බව රජය වැඩිදුරටත් දන්වා සිටියි.










